අන්වේෂණා ශාස්ත්‍රීය සංග්‍රහය (2024, සිංහල මාධ්‍ය) ලිපි කැඳවීම

කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික සවිද්වත් සමාලෝචිත ශාස්ත්‍රීය සංග්‍රහය වන අන්වේෂණා - 2024 (සිංහල මාධ්‍ය) කලාපය සඳහා ලිපි භාරගැනීම මේ දිනවල සිදුකරන බව සතුටින් දන්වා සිටින අතර පහත සඳහන් මූලාශ්‍රය පදනම් කරගත් ශාස්ත්‍රීය ලිපි යොමු කරන මෙන් ගෞරවයෙන් ආරාධනා කර සිටිමු.
අන්වේෂණා ශාස්ත්‍රීය සංග්‍රහය සවිද්වත් සමාලෝචිත ශාස්තී්‍රය සංග්‍රහයකි. එබැවින් ශාස්තී්‍රය සංග්‍රහයේ පළකිරීම සඳහා එවනු ලබන සෑම ලිපියක් ම අදාළ විෂය-ක්ෂේත්‍රයෙහි විශේෂඥ විද්වතුන් දෙදෙනෙකුගේ සමාලෝචනයට භාජනය කෙරෙන අතර, පළ කිරීම සඳහා ලිපි තෝරා ගනු ලබන්නේ එම විද්වතුන් විසින් ඉදිරිපත් කරනු ලබන ඇගයීම් වාර්තාවල නිර්දේශ ඇතොත් එම නිර්දේශ අනුව අදාළ සංස්කරණ කිරීමෙන් අනතුරුව බව ද කාරුණිකව සිහිපත් කරම ු.
පළකිරීම සඳහා එවනු ලබන පර්යේෂණ ලිපියේ මෘදු පිටපත් (Soft Copies) 2024 අගෝස්තු 31 දින හෝ ඊට පෙර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට ලැඛෙන්නට සලස්වන්න.


රළුවේ පද්මසිරි හිමි - 071 344 33 64

මහාචාර්ය දේශප්‍රිය ගුණසේන - 071 802 86 53


සංස්කාරක මණ්ඩලය
අන්වේෂණා ශාස්ත්‍රීය සංග්‍රහය
පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනය
977/5, යුනිවර්සිටි ඩ්‍රයිව්, බුළුගහ හන්දිය, කැළණිය.

Connect with us

Postgraduate Institute of Pali and Buddhist Studies,977/5,University Drive,Bulugaha Junction, Kelaniya

  • dummy   +94113051085 | +94112809322

  • dummy   +94112809320/22

  • dummy pgipbs@sltnet.lk

PGIPBS on Map

Search