පාලි හා බෞද්ධ අධයයන පශ්චාත් උපාධි ආයතනයට 2025 වර්ෂය සඳහා අවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීම සඳහා ලියාපදිංචිවීමට කැමති ආයතන සහ පුද්ගලයින්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. සැපයුම්කරුබවකුට භාණ්ඩ හෝ සේවා කාණ්ඩ එකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සඳහා ලියාපදිංචි විය හැකි අතර, ඒ සඳහා එක් පුද්ගලයකුගෙන් / ආයතනයකින් රු. 1000/= ක ආපසු නොගෙවනු ලබන
ගාස්තුවක් අයකරනු ලැබේ. සැපයුම්කරුවන් ලියාපදිංචි වීම සඳහා අයදුම්පත්‍රය සහ අදාළ තොරතුරුපහතින් හෝ සතිබේ වැඩ කරන දිනයන්හි ප.ව. 9.00 සිට ප.ව 3.00 දක්වා ආයතනයට පැමිණ හෝ ලබා ගත හැකි අතර අදාළ ගාස්තුව පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ මහජන බැංකු ශාඛාවේ 078 - 100172268401 දරන ගිණුමට බැර කළ යුුය. මේ සඳහා මුදල් ඇණවුම් හෝ චෙක්පත් හෝ භාර නාගන්නා බව කරුණාවෙන් සළකන්න.
ලිපි කවරයේ ඉහළ වම් කෙළවර "2025 වර්ෂයේ සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම" යනුවෙන් සඳහන් කර සම්පූර්ණ කරන ලද අයදුම්පත් 2024.12.24 දින හෝ ඊට පෙර, වයාපාර ලියාපදිංචි කිරීම් සහතිකයේ පිටපතක්, වැට් බදු ලියාපදිංචි සහතිකයේ පිටපතක් සහ මුදල් ගෙවූ කුවිතාන්සි පිටපතක්ද සමඟ ජ්‍යෙෂ්ඨ සහකාර මූල්‍යාධිකාරී වෙත ලියාපදිංචි තැපෑලෙන් හෝ පැමිණ හෝ භාරදිය යුුතුය.
ප්‍රතිපත්තිමය වශයෙන් ආයතනය ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් මිල ගණන් විමසන මුත් ඉන් පරිබාහිර සැපයුම් කරුවන්ගෙන්ද මිල ගණන් කැඳවීමට හා මිලදී ගැනීමට ආයතනයට හිමිකම් ඇත.
අයදුම්පත්‍රය සහ වැඩිදුර තොරතුරු මෙතනින් බාගත කරන්න
අධ්යක්ෂ
පාලි හා බෞද්ධ අධයයන පශ්චාත් උපාධි ආයතනය
කැලණිය විශ්වවිද්‍යාලය
977/5, යුනිවසිටි ඩ්‍රයිව්
බුළුගහ හන්දිය, නුවර පාර
කැලණිය
දු.ක : 0112809324/0112809321
2024.12.02