ලංසු කැඳවීමයි

User Rating: 0 / 5

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ ශ්‍රවණගාරය සහ මාණ්ඩලික රැස්වීම් ශාලාවෙහි අභ්‍යන්තර ගෘහ නිර්මාණයල ගොඩනැගීම හා සේවා ස්ථාපනය කිරිම.(Design  and Build)
(කොන්ත්‍රාත් අංකය PGIPBS/2023/03 )
1. කැලණිය විශ්වවිද්‍යාලයල පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ ශ්‍රවණගාරය සහ මාණ්ඩලික රැස්වීම් ශාලාවෙහි අභ්‍යාන්තර ගෘහ නිර්මාණය, ගොඩනැගීම හා සේවා ස්ථාපනය කිරිම සදහා (Design and Build Contract ) - යෝග්‍ය හා සුදුසුකම්ලත් ලංසුකරුවන්ගෙන් දෙපාර්තමේන්තු සුළු ප්‍රසම්පාදන කමිටු සභාපති විසින් මිල ගණන් කැදවනු ලැබේ. ව්‍යාපෘති ඇස්මේන්තුව රුපියල් මිලියන 30 ක් :වැට් රහිත- වන අතර කොන්ත්‍රාත් කාලය දින 90 ක් වේ.
2. ජාතික තරගකාරි මිල ගණන් ක්‍රමය අනුව ලංසු කැඳවනු ලැබේ.
3. පහතින් සඳහන් ලිපිනයෙහි පිහිටි ආයතනයේ ගිණුම් අංශයෙන් සරප් කවුන්ටරයෙන් ලංසු පත්‍රිකා 2023.03.20 දින සිට 2023.04.03 දින දක්වා රාජකාරී දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා ආයතනික සරප් වෙත රු 5000/= ක ආපසු නොගෙවන ගාස්තුවක් ගෙවා ලබා ගත හැකිය.
4. ලංසුකරු වෙත කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරිම සඳහා සුදුසුකම් ලැබීමට පහත සඳහන් අවශ්‍යතාවය සපුරා තිබිය යුතුය. CIDA ලියාපදිංචිය-විශේෂත්වය-Interior Work ශ්‍රේණිය SP2 හෝ ඉහළ
5. මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී :011-2809322- වෙතින් හෝ ‍ ජ්‍යෙෂ්ඨ සහකාර මුල්‍යාධිකාරී වෙතින් :011-2809324- හෝ http://pgipbs.kln.ac.lk දරණ ආයතනික වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.
6. ඉදිරිපත් කරනු ලබන ලංසු 2023.07.03 දින දක්වා වලංගු විය යුතුය.
7. සියලු ලංසු පත්‍රිකා සමග ලංසු විවෘත කරනු ලබන දින සිට ඉසිරියට දින 90 ක් දක්වා වලංගු වන පරිදි වටිනාකමකින් යුත් රජයේ පිළිගත් බැංකුවකින් හෝ ඉදිකිරිම් ආරක්ෂණ අරමුදලෙන් හෝ ලබාගත් පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ වෙත යොමු කරන කොන්දේසි විරහිත ලංසු ඇපකරයක් ඉදිරිපත් කළ යුතුය.
8.මේ සම්බන්ධයෙන් පුර්ව ලංසු රැස්වීම 2023.03.27 දින පෙ.ව. 10.30 ට ආයතන පරිශ්‍රයේ දී පැවැත්වේ.
9. 2023.04.04 දින ප.ව. 02.30 දක්වා ලංසු පත්‍රිකා භාරගන්නා අතර එදින පගවග 2.45 ට ලංසු විවෘත කරනු ලැබේ. ලංසු විවෘත කිරිමේ අවස්ථාව සදහා ලංසුකරුවන්ට හෝ ඔවුන්ගේ බලයලත් නියෝජිතයන්ට හෝ සහභාගී විය හැකිය.

අධ්‍යක්ෂ
පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනය
977 / 05, යුනිවර්සිටි ඩ්‍රයිව්,
බුළුගහ හන්දිය, නුවර පාර,
කැලණිය.
©2022 Postgraduate Institute of Pali and Buddhist Studies. All Rights Reserved.

Search