අධ්‍යක්ෂ ස්වාමීන් වහන්සේගේ පණිවුඩය
පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ අභිනව අධ්‍යක්ෂ හිමියන් වශයෙන් පශ්චාත් උපාධි සහතික පත‍්‍ර පාඨමාලාවේ පටන් ආචාර්ය උපාධි පාඨමාලාව දක්වා ලියාපදිංචි වීමට අපේක්ෂා කරන ශාස්ත‍්‍රීය ගවේෂණාභිලාෂී වූ දේශීය හා විදේශීය සියලූම විද්‍යාර්ථීන් සුහදව පිළිගැනීමට කැමැත්තෙමි.
පශ්චාත් උපාධි ආයතනය හා මා අතර පවතින දීර්ඝ කාලීන ශාස්ත‍්‍රීය හා පරිපාලනමය සම්බන්ධතාව අනුව මෙහි පාඨමාලාවක් හැදෑරීමට ලැබීම ඔබගේ ශාස්ත‍්‍රීය ගමන් මගෙහි ඔබට ලැබුණු මහාර්ඝ දායාදයක් බව ප‍්‍රකාශ කළ යුතු ය. එසේ ම එය බෞද්ධ අධ්‍යයන විෂය ක්ෂේත‍්‍රය තුළ වූ ඔබගේ ශාස්ත‍්‍රීය ඥානයේ නිම් වළලූ පෘථුල කරනු ඇත. එපමණක් ද නොව එය ඔබගේ පෞරුෂය සංවර්ධනය කර ශක්තිමත් පුද්ගලයකු බවට පත් කිරීමට හේතු වේ.
මෙය ජාතික හා ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත් ථේරවාද බුදු දහම අධ්‍යයනය කිරීමේ සුවිශේෂ කේන්‍ද්‍රස්ථානයකි. ඉතාමත් මැනවින් සකස් කරන ලද පාඨමාලා සමූහයකින් සමන්විත වන මෙමගින් ථේරවාද සම්ප‍්‍රදායයේ හා සෙසු නිකායයන්හි ආරම්භය හා විකාශය විමර්ශනය කෙරෙනු ඇත. මෙම ආයතනය බෞද්ධ විෂය පිළිබ`ද ප‍්‍රාමාණික විද්වතුන් පිරිසකගෙන් සමන්විත වන අතර ඒ සියලූ දෙනා ම පාහේ බෞද්ධ අධ්‍යයනය සම්බන්ධ වූ මුල් මූලාශ‍්‍රය භාෂා වන පාලි, සංස්කෘත පමණක් නොව චීන භාෂාව ද ප‍්‍රගුණ කළහ.
කැපවීමෙන් හා කාර්යක්ෂමභාවයෙන් අනූනව ක‍්‍රියාකරන අප කථිකාචාර්යවරු ඉතාමත් සුහද මාර්ග උපදේශකයෝ වෙති. මූලික හා ද්විතීයික මූලාශ‍්‍රය පදනම් කර ගනිමින් ගැඹුරු ඉගැන්වීම් සුගම සේ ඉදිරිපත් කිරීමත්් නූතන තාක්ෂණික ක‍්‍රම උපක‍්‍රම ඔස්සේ දැනුම බෙදා දීමට හා සම්බන්ධතා පැවැත්වීමට හැකියාව තිබීමත් විද්‍යාර්ථීන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් වී ඇත.
ප‍්‍රමාණවත් ඤාණ සම්භාරයක් ලබා ගැනීමට අවශ්‍ය සාහිත්‍යමය මූලාශ‍්‍රයන්ගෙන් සමන්විත පුස්තකාලය විද්‍යාර්ථීන්ගේ ශාස්ත‍්‍රීය ගමන වඩාත් ආලෝකමත් කිරීමට උපකාර වනු ඇත. එය එතරම් විශාල නොවුනත් ශාස්ත‍්‍රීය අධ්‍යයනයට අතවශ්‍යය නිතර ආචාර්යවරුන් විසින් පරිශීලනය කළ යුතු මූලාශ‍්‍රය සමූහයකින් ආඪ්‍යවීම විද්‍යාර්ථීන්ට මහ`ගු ආශිර්වාදයකි.
අනධ්‍යයන කාර්යමණ්ඩලය පවා ඉතාමත් උපකාරාත්මක වූ වටිනා භූමිකාවක් විද්‍යාර්ථීන් වෙනුවෙන් ඉටු කරති. ඔවුහු විද්‍යාර්ථීන්ගේ අධ්‍යයන අනධ්‍යන කරුණු සම්බන්ධයෙන් පැනනගින කුදුමහත් සියලූ ගැටලූ විසදා දීමට පසුබට නොවෙති. අභිනවයෙන් පැමිණෙන සියලූ විද්‍යාර්ථීන් නැවතත් පිළිගනිමින්, මෙහි අධ්‍යයනය තුළින් ශාස්ත‍්‍රීය වශයෙන් වඩාත් ඵලදායි අත්දැකීම් ලබා ගත හැකි බවට සහතික කරමි.
ජ්‍යේෂ්ඨ මහාචාර්ය මැදවච්චියේ ධම්මජෝති හිමි